කෙස් වැටියේ ලස්සන වගේම නීරෝගීකමත් රැක ගන්න..

0
11


කොණ්ඩය නීරෝගිව තබා ගැනීම හැම ගැහැණු ළමයෙකුගේම සිහිනයක්.ලස්සන කෙස් වැටියක් ලබා ගන්න මේ සරල පියවර අනුගමනය කරන්නත් අමතක කරන්න එපා.

පැළුණු ස්ථානයට මිලි මීටර් 6ක් පමණ ඉහලින් කපා දමන්න. ඔබ පැළුම ඇති ස්ථානයෙන්ම කෙස් ගස කපා දැමුවොත්, එම පැළුම තවත් උඩට වර්ධනය වෙන්න ඉඩ තියෙනවා.

අධික ලෙස ෂැම්පු යෙදීමෙන් හිස කෙස් වල තෙල් ගතිය පහ වී යා හැකි නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ෂැම්පු යොදන්න.උණු ජලය මඟින් හිස කෙස් වල ඇති තෙල් ඉවත් කරන නිසා කොණ්ඩය පිරිසිදු කිරීමේදී  සීතල ජලය පාවිච්චි කරන්න.
කන්ඩිෂනර් ගල්වා මිනිත්තු කිහිපයක් තිබෙන්නට හැර හිස කෙස් සෝදා දමන්න.

තුවායක් වෙනුවට කොට්න් රෙද්දක් හිස පිස දමන්නට  යොදා ගන්න. හෙයාර් ඩ්‍රයර් එකක් භාවිතා කරනවා නම්, උෂ්ණත්වය මධ්‍යම මට්ටමට සකසා ගන්න.

ලී පනාවක් භාවිතා කිරීම වඩා සුදුසුයි.ඕනෑවට වඩා කොණ්ඩය පීරීමෙන් වලකින්න.තෙත් වූ කෙස් පීරීමත් හිසකෙස් කැඩී යන්නට හේතුවක්.

හොඳ  තෙල් වර්ගයක් ගැල්වීමත්,රාත්‍රීයේදී හිසකෙස් නිදහස්ව තබා ගැනීමත් පැටලෙන සුළු රබර් වලින් සැදූ කොණ්ඩ බූල් භාවිතා නොකිරීමත් සුදුසුයි.හිස කෙස් සකසා ගන්න විට ඔබට අඩු උෂ්ණත්වයක් යටතේ විලාසිතාව සකසා ගැනීමට සැලකිලිමත් වෙන්න.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here