ඇමැතිගේ ළමයි හදා ගන්න බැරිව පනත් ගෙනත් රටේ ළමයි හදන්න යනවා

0
2

ගුරුවරුන්ගෙන් ජනතාවගෙන් ආපු බලපෑම් නිසා ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන රිවස් කළා
මහේන්ද්‍රන්ගේ පාස්පෝට් එක නිදහස් කර දුන්නේ කොටුව මහෙස්ත්‍රාත් ලෙස සිටි රංග දිසානායක
චාමර සම්පත් මැති සබයේදී කියයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරද්දී රටේ ලොකුම හොරකම සිදු කළ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කළ බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) ප්‍රකාශ කළේය. එහිදී ඔහු මෙසේද කීය.

“ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහයක් ගෙනාවා. ළමා දිනය දවසේ මොනරාගල ගුරුවරයකුට ගැහුවා. පනත ගෙනැවිත් පස්සේ කිව්වා. අපි මේක නවත්වනවා කියලා. මේක රිවස් කරන්න හේතුව තමයි ආණ්ඩුවට ගුරුවරුන්ගෙන් ජනතාවගෙන් විශාල බලපෑම් ආව ඒකයි.

බදුල්ල මහා විiාලයේ සිටින කැබිනට් ඇමැතිතුමාගේ පුතා ඊ සිගරට් බීලා අහුවුණා. ඊ සිගරට් ගැන අපිවත් දන්නේ නෑ. ස්විච් සිගරට් ද මොකක්ද කියනවා. ඊළඟට බදුල්ල මහා විiාලයේ නියෝජ්‍ය ඇමැතිගේ දුවට ශිෂ්‍ය නායකකම දුන්නේ නෑ කියලා ගියා මානව හිමිකම්. ඊට පස්සේ ප්‍රින්සිපල් අසරණ වෙලා ශිෂ්‍ය නායක මණ්ඩලයට අරගෙන.

ආණ්ඩුවේ ඇමැතිගේ ළමයා හදාගන්න බැරිව පනත් ගෙනල්ලා රටේ ළමයි හදන්න යන්නේ. මුලින් තමන්ගේ ළමයි හදාගන්න.

රංග දිසානායක මහතාට මම අභියෝගයක් කරනවා. අර ජේවීපී එකේ හිටපු ඒ අයගේ නන්දන කියපුවා අපට වැඩක් නෑ. 2017 දී මේ රටේ සිදු වූ ලොකුම හොරකම දැන් සිංගප්පූරුවේ සිටින අර්ජුන මහේන්ද්‍රන්ගේ හොරකම වෙන වෙලාවේ රංග දිසානායක මහතා කොටුව මහෙස්ත්‍රාත් ලෙස සිටියා. අර්ජුන මහේන්ද්‍රන්ගේ විදෙස් ගමන් බලපත්‍රය 2017දී නිදහස් කළේ කොටුව මහෙස්ත්‍රාත් ලෙස සිටි රංග දිසානායක මහත්තයා බව කියන්න ඕනා.

රංග දිසානායක මහතාගේ පළමු බිරිඳ සහ දෙවැනි බිරිඳ මහ බැංකුවේ. දෙවැනි නෝනා අර්ජුන මහේන්ද්‍රන්ගේ මොන තනතුරේ ද හිටියේ කියලා කියන්නත් ඕනා. මොකද මේවා රටේ මිනිස්සු දැනගන්න ඕනා. මේ අය පිරිසිදුයි කියලානේ කිව්වේ. මේක දැන් කියපු නිසා මට තිබෙන නඩු තුනටම අධිචෝදනා දෙනවා කියලත් මං දන්නවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here