මුහුණේ සම ගැන සැලකිලිමත් වන බොහො කාන්තාවන්ට සිරුරේ සම ගැන සැලකිලිමත් වෙන්න අමතක වෙලා යනවා.නමුත් ඔබ මුහුණට සත්කාර කරනවා වගේම බෙල්ලේ සිට දෙපා වල ඇඟිලි දක්වා සමටත් සත්කාර කල යුතුයි.අද අපි ඔබට කියන්නේ යන්නේ මුහුණෙ මෙන්ම දීප්තිමත් සමක් ඔබට ලඟා කර දෙන body mask එකක් ගැන
අද අපි ඔබට කියන්න යන්නේ ඔබේ නිවසේ ඔබ ඉවත දමන පොල් වතුර වලින් සහ කෝපි වලින් බොඩි මාස්ක් එකක් හදාගන්න විදිය ගැන.වියපත් උන සම යතා තත්වයට පත් කරගන්න පුලුවන් තවත් ස්වාභාවික අමුද්‍රව්‍ය කීපයක් එක්ක හදන මේ body mask එකෙන් ඔබේ ශරීරයේ සමට හොඳ පෝෂණයක් ලබා ගන්නත් පුලුවන්
වයසට යාම හේතුවෙන්
ඔබේ වයස අවුරුදු 40 න් පසුවත් මෙසේ සම වියපත් වීම සිදුවෙනවා.ඔබ කාලයක් තිස්සේ පෝෂ්‍යදායී නැවුම් එළවලු පලතුරු ආහාරයට ගන්නවා නම් , ස්වාභාවික සත්කාර සමට කරනවා නම් මේ තත්වය තරමක් දුරට පාලනය කරගන්න ඔබට හැකියාව තියනවා
රසායනික ද්‍රව්‍ය භාවිතය
ඔබ කෘතිම ආලේපන වලට අධික ලෙස හුරු වූ අයෙක් නම් මේ තත්වයට ඔබට මුහුණ දෙන්නට සිදු වෙන්න පුලුවන්. ඒ වගේම රසායනික ද්‍රව්‍ය භාවිතයේදි , මුලුතැන්ගෙයි වැඩ අතරතුර දී , රෙදි සේදීමේදි , ගෙවත්තේ වැඩ වලදි දීර්ඝකාලීනව අත්වැසුම් භාවිතා නොකරනවා නම්ද ඔබේ සම වියපත් විය හැකියි.
ශරීරයට කිසිදු සත්කාරයක් නොකිරීම
ඔබ මුහුණට face pack , scrub ආදිය භාවිතා කලත් ඔබේ ශරීරයේ සමට කිසිම ස්ක්‍රබ් එකක් භාවිතා නොකිරීමෙන් මැරුණු සෛල කාලයක් පුරාවට එකතු වී තිබෙන්නට පුලුවන් .ඒ හේතුව නිසාත් ඔබේ සම ඉක්මනින් වියපත් වීමේ හැකියාව තියනවා
මොයිස්චරයිසර් භාවිතා නොකිරීම
ඔබ සමට කුමන සත්කාරයක් කලත් එම සත්කාර වලින් පසුව moisturiser cream එකක් ආලේපනය කරන්නෙ නැතිනම් ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලැබෙන්නේ නෑ.ඒ නිසාත් ඔබේ සම වියලී සම ඉක්මනින් වියපත් වෙන්නට පුලුවන්
ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම
මෙය අතිශය වැදගත්.ඔබ දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කරනවා නම් ඔබට නීරෝගී සහ දීප්තිමත් සමක් ලබා ගන්නට පුලුවන් .නමුත් ඔබ නිසි ලෙස ජලය පානය නොකරන කෙනෙක් නම් ඔබෙ සම වියපත් වීමේ හැකියාව වැඩියි. ඒ නිසා දිනකට වතුර බෝතල් පහක් හෝ හයක් පානය කරන්න ඔබට හැකි නම් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්
අධික ලෙස වායු සමීකරණ වලට නිරාවරණය වී සිටීම
ඔබ කාර්‍යාලයක , රූපලාවණ්‍යගාරයක හෝ පැය ගණනාවක් වායු සමීකරණයකට නිරාවරණය වෙමින් වැඩ කරන කෙනෙක් නම් මේ තත්වයට ඔබට මුහුණ දෙන්නට සිදු වෙනවා. මෙහිදි හොඳින් වතුර පානය කිරීම සහ හොඳ moisturiser cream එකක් භාවිතා කිරීම මගින් ඔබේ සම වියලී ,ඉක්මනින් වියපත් වීම ඔබට වළක්වා ගන්න පුලුවන්
මානසික ආතතිය
ඔබ දැඩි මානසික පීඩාවකට ලක්වෙලා ඉන්න කෙනෙක් නම් ඔබේ සම ඉක්මනින් වියපත් වෙන්නට පුලුවන් .ඒ නිසා ඔබ ඒ ගැන විශේශයෙන්ම සැලකිලිමත් වෙන්න වග බලාගන්න. ඒ සඳහා මනස සන්සුන් කරන සංගීතයට සවන් දීම ,භාවනා කිරීම , පොත් කියවීම වැනි කාර්‍යයන් වල නිරත වෙන්න ඔබට පුලුවන්
[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”beauty”]
අවශ්‍ය වෙන්නෙ මේ දේවල්
පොල් වතුර
විටමින් B2, විටමින් B3 , විටමින් C අඩංගු වේ.සමෙහි කොලජන් නිශ්පාදනය වැඩි කරමින් සම දීප්තිමත් කරයි.
කෝපි කුඩු
හිරු එළියෙන් සමට වන හානි වළක්වයි.මැරුණු සම ඉවත් කරමින් සම වියපත් වීම අවම කරයි
සීනි
ස්වාභාවික moisturiser එකක් ලෙස ක්‍රියා කරමින් සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.සම වියපත් වීම වළක්වමින් සම දීප්තිමත් කිරීමට උපකාරී වෙයි
අලිගැටපේර
සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සම සුමුදු කරයි.
කහ දොඩම්
විටමින් සී අඩංගු වන අතර එමගින් සමේ පැහැය වැඩි දියුණු කරමින් සහ පැහැපත් කරයි
කස්තුරි කහ
විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරයි.සමට ස්වාභාවික දීප්තිමත් බවක් ලබා දෙයි.
Saru FM Media