ගර්භණී කාලයේදී විලාසිතාවන් (Maternity Fashion) තෝරගන්නෙ මෙන්න මෙහෙමයි

0
11


විලාසිතාවන් කරන්න කාන්තාවන් කොයිකාලෙදිත් කැමතියි. ගැබිණි මවක් වුණා කියල විලාසිතාවන් අමතක කරන්න අවශ්‍ය නැහැ. නමුත් ටිකක් වැඩියෙන්, එම ඇදුම ඇදගෙන ඔබට පහසුවෙන් සිටිය හැකිද, පහසුවෙන් ආරක්ෂිතව ගමන් කිරීමට හැකිද වැණි කරුණු ගැන අවධානය යොමුකරන්න අවශ්‍යයි. මේ තිබෙන්නේ ඒ සඳහා අත්වැළක්.

මුල් ගර්භණී කාලයට වඩා මාස 6 පමණවන විට ශරීරයේ ඇතිවන වෙනස්කම් වැඩියි. ගැබිණි කාලයට ගැලපෙන ඇඳුම් මිලදී ගැනීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ගැබිණි මව්වරුන් සඳහාවන ඇඳුම් මිලදී ගැනීමෙදී අනිවාර්යයෙන්ම ලේබලය කියවා බලන්න. ගැබිණි කාලයේ කුමන අවධියන් සඳහා ගැලපෙනවාද යන්න එවාහි සඳහන් කරන්න. මතක තබාගන්න වැඩියෙන් ප්‍රමාණය ලොකු ඇඳුම් මිලදී නොගන්න. එල්ලා වැටෙන ඇඳුම් එක් කරන්නේ අවලස්සනක්. මැක්සි හෝ A-line වර්ගයේ ගවුම් මෙම කාලයේදී වඩාත් සුදුසුයි.

හොඳ, ඇඟට පහසු රෙදි වර්ගයකින් නිමවා ඇත්දැයි බලන්න. හැකිලෙන්නේ නැති රෙදිවලින් නිමවූ ඇඳුම් ගැනීමෙන් වළකින්න. මන්ද මේවාහි රසායනික ද්‍රව්‍ය වැඩියෙන් අඩංගු වන නිසා සෞඛ්‍යයට බලපෑමක් ඇතිවිය හැකියි. සෑමවිටම සැහැල්ලු, රසායනික ද්‍රව්‍ය අවම, ඇදෙන සුළු රෙදිවලින් නිමවූ ඇඳුම් මිලදී ගන්න.

මන්ද අනවශ්‍ය අකාරයෙන් සිරුරට තද ඇඳුම් ඇඳීමෙන් ඔබේ කුසේ ඉන්න කිරිකැටියාට අවධානමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉතා දිගු හා එල්ලා වැටෙන සැරසිලි ඇති ඇඳුම් අඳින්නේ පරිස්සමින්. ඒවා පැටලිලා ලෙස්සා වැටන්න ඇති ඉඩකඩ වැඩියි.

ඔබත් ගැබිණි මවක් නම් හා හැඩට ඉන්න කැමතිනම් ඉහත කරුණු සැලකිල්ලට අරගෙන සුන්දර විලාසිතාවන් කරන්නට පුළුවන්.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here