මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතාට සැලසුම් සහගතව චේතනාන්විතව වෙඩිතබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හිඟුක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
“අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන කළේ හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් එන් ඩී කරුණාරත්න මහත්මිය විසින් මින්නේරිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර ඒ බී සී කුලරත්න මහතාට මෙම නියෝගය සිදුකළ බවය.
යුනිකෝන් දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණය මගින් පොළොන්නරුව දියබෙදුම ඉහනලුවැව පදිංචිකරුවන් තිදෙනෙකු සහ මාතලේ යටිවිමන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඇප මත මුදාහැර ඇති බව සඳහන්ය.
යුනිකෝන් ඇතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට කියා සිටියේ මින්නේරිය ජාතික වන උයනේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතා ඩොලර් මැෂිම නමින් හැදින්වීමට ප්‍රධාන හේතුව යුනිකෝන් දළ ඇතා දැක බලා ගැනීමට විදේශීය සංචාරකයින් විශාල පිරිසක් මින්නේරිය ජාතික වන උයනට පැමිණීම හේතුවෙන් බවය.
වෙඩිතබා මරා දැමුනු මෙම යුනිකෝන් ඇතාගේ වයස අවුරුදු 40ක් වන අතර උස අඩි 10 යි අගල් 6 ක් බව සඳහන්ය.
Saru FM Media