ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනය සඳහා නව නිලධාරී මඬුල්ලක් පත්කර ගැනීමේ නිලවරණය අද (08) කොළඹ හතේ පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයීය ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මීළඟ දෙවසර සඳහා නිලධාරීන් තෝරා ගැනීමේ නිලවරණයේ දී සභාපති ධුරය වෙනුවෙන් ද්වන්ධ සටනක් නිර්මාණය වී තිබීම කැපී පෙනෙයි. 1990 දශකයේ දී දේශීය රග්බී පාපන්දු කෙළිබිම ක්‍රීඩකයන් ලෙස දක්ෂතා අතර සිටි පවිත්‍ර ප්‍රනාන්දු සහ ලසිත ගුණරත්න අතර මෙම ද්වන්ධ සටන පවතින බවයි වාර්තා වන්නේ. ලසිත ගුණරත්න මහතා මෙන්ම පවිත්‍ර ප්‍රනාන්දු මහතා ද ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනයේ නිලතල හොබවා අත්දැකීම්ලාභීන් වෙති. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර රග්බී පාපන්දු කෙළිබිම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වූ ලසිත ගුණරත්න මහතා මෙන්ම පවිත්‍ර ප්‍රනාන්දු මහතා කොළඹ රාජකීය විදුහලේ අදී ශිෂ්‍යයන් වෙති.
සභාපති පුටුවට පවතින ඡන්දය මෙන්ම භාණ්ඩාගාරික ධුරයට ද ද්වන්ධ සටනක් නිර්මාණය වී තිබීම ඒ අතරේ කැපී පෙනෙයි.
සභාපති ධූරය සහ භාණ්ඩාගාරික ධූරය හැරුණුකොට සෙසු තනතුරු සදහා නිලධාරීන් නිතරගයෙන් පත් වන ආකාරයක් දිස්වේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ මග පෙන්වීමට අනුව පංච පුද්ගල කමිටුවක් මගින් මෙවර නිලවරණය පැවැත් වීමට තීරණය කර ඇත.
අනුරුද්ධ හේරත් බණ්ඩාර
Saru FM Media