ඉන්දියාවේ බිලාස්පූර් දිස්ත්‍රික්කයේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ දැවැන්ත නාය යාමකට හසුවූ බස් රථයක සිටි පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මගීන් 30 දෙනෙකු පමණ රැගත් බස් රථය හර්යානාවේ රොහ්ටැල් සිට ගුමර්වින් ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයිද වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අනතුරට පත්වූ බස් රථයේ පිරිස් මුදා ගැනීම සඳහා මේ වන විට දැවැන්ත මෙහෙයුම් දියත් කර ඇති බවය.
මාර්ගයේ ගමන් ගනිමින් තිබූ එම බස් රථය මත එක්වරම කන්දක් කඩා වැටී බස් රථය එයට යටවී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
Saru FM Media