රේසරයෙන් අනවශ්‍ය රෝම ඉවත්කිරීමේදී සිදුවන හානි ගැන ඔබ දැනුවත් ද?

0
10


තම සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම කාන්තාවන් බොහෝ දෙනෙක් විසින් සිදු කරනවා.ඒ සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගන්නා අතර බොහෝ දෙනකු රේසරය භාවිතයෙන් අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙලඹී සිටිනවා.ඉතින් ඒ පිළිබඳවයි මේ කතාව.

පාවිච්චියට පහසු මෙන්ම අඩු වියදමක්ද සහිත වීම නිසා අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී කාන්තාවන් බහුලව රේසරය තෝරා ගත්තත් එමගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල අප දැනෙගෙන සිටිය යුතු වෙනවා.

1.කෙටිකාලීන වීම

රෝම වල මූලය ඉවත් නොවන නිසා නැවතත් ඉතා ඉක්මනින් රෝම මතුවීමේ හැකියාව තිබෙනවා.රේසරයෙන් කපා දැමෙන්නේ මතුපිට රෝම පමණයි.

2.ගොරෝසු බව දැනීම.

දිගින් දිගටම රේසර් කිරීමේදී සම ගොරෝසු වීමට තිබෙන හැකියාව වැඩියි.ඒ වගේම රෝම නැවත එසේ වෙද්දී කටු ඇනෙන ස්වභාවයක් ගන්නවා .ඉන් සමේ ගොරෝසු බව වැඩිවී පෙනෙනවා.

3.සම මත ඇතිවන වෙනස්කම්

දිගින් දිගටම රේසර් කිරීම නිසාවෙන් සම වියලී යෑමට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩියි.
සම මත තද පැල්ලම් ඇති වීමට පුළුවන්.
සම සියුම් නිසා කැපී යාමේ මේ ඉඩකඩ ද ඉතාමත් වැඩියි.

කැසීම,රතුවීම, ඇතිවීම නිසා බොහෝ වේදනාකාරී තත්වයන් ට මුහුණ දෙන්න වෙනව, ඒ තත්වය වර්ධනය වී දද (shaving rashes) වැනි තත්වයන් පවා සමේ ඇතිවීමට ඉඩකඩ තියනව. මීට අමතරව අසාත්මිකතාවන් ඇතිවීමේ හැකියාවක්ද තියනව.

1.වැක්ස් භාවිතා කිරීම.
2.රෝම ඉවත් කිරීම සඳහා විද්‍යුත් විච්ඡේදනය.
3.රෝම ඉවත් කිරීමේ ක්‍රීම් වර්ග
4.ලේසර් කිරණ භාවිතය මඟින්
5.නූල් භාවිතයෙන්
6.ට්වීසින් කිරීම
7.බ්ලීච් කිරීම මගින් සමේ වර්ණයට ආසන්න වර්ණයක් ගැන්වීම.
8.ශුගරින්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here