දෙරණ 20 වෙනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වුණු හින්දු ආගමික ආශිර්වාද උත්සවය

0
3

අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන තේමාවෙන් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයා දැනුමෙන් වින්දනයෙන් පෝෂණය කරන ටීවී දෙරණ මේ වසරේ 20 වැනි සංවත්සරය සමරනු ලබයි.

ඒ නිමිත්තෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක් දියත් කරන අතර හින්දු ආගමික වතාවත් අද (07) සිදු කෙරුණි.

ඒ අනුව හින්දු ආගමික ආශිර්වාද උත්සවය අද අලුයම 5.30ට බම්බලපිටිය කදිරේෂන් වජිර පිල්ලෙයාර් කෝවිලේදී පැවැත්විණි.

ඊට දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල, වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා යන මහත්ම මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ ඉහළ කළමනාකාරිත්වය හා දෙරණ කාර්ය මණ්ඩලය සහභාගි විය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here