හුංගම ඝාතනයට සැකකරුවන් 03ක් අත්අඩංගුවට

0
3

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අද (07දා) උදෑසන අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ඝාතනයේ ප්‍රධාන සැකකරු අදුපැලෑන බිංදු යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අතර ඔහු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවට ද අනාවරණය වී ඇත.

හුංගමල වාඩිගල ප්‍රදේශයේදී අද අලුයම 12.45ට පමණ මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබුණි.

පොලීසිය පැවසුවේ ගෙහිමි කාන්තාව වැසිකිළියෑම සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිවස තුළට කඩා වැදී ඇති බවය.

පසුව නිවසෙහි වූ කාමරයක සිටි යුවළකට තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර ඇත.

එහිදී ඝාතනය වූ පුද්ගලයාගේ හිස කඳෙන් වෙන්වන ලෙස පහරදී ඇති බව ද පොලීසිය පැවසීය.

ඝාතනය වූ 28 හැවිරිදි පුද්ගලයා පසිඳු හේෂාන් නැමැත්තෙක් වන අතර ඝාතනය වූ ඔහුගේ අනියම් බිරිය බවට පැවසෙන කාන්තාව 28 හැවිරිදි ඉමේෂා මදුෂානි නම් අයෙකි.

මියගිය පුද්ගලයා මීට පෙර පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ අයෙක් බවට වාර්තා වේ.

පොලීසිය පවසන්නේ ඝාතනය වූ පුද්ගලයා පසුගිය වසරේදී ඔහු සමඟ ධීවර රැකියාවේ යෙදෙනු ස්කීපර්වරයාව ඝාතනය කර ඇති බවය.

ඝාතනය වූ පුද්ගලයා පෙරේදා දිනයේදී පොලීසිය විසින් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන ඊයේ (06දා) දිනයේදී නිදහස්ව පැමිණි අයෙකි.

එමෙන්ම ඔහුව මීට පෙරද ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී ඔහු බරපතළ තුවාල ලබා දිවි බේරාගෙන ඇති බව පොලීසිය පැවසීය.

ඒ හේතුවෙන් දැඩි භීතියකින් ජීවත්ව ඇති ඔහු අද අලුයම 5ට තමන්ව අවදි කරන ලෙස ගෙහිමි කාන්තාවට පවසා ඇති බවත්, අද දිනයේදී කොළඹ ප්‍රදේශයට පැමිණ තාවකාලික නවාතැන්පොළක සැඟවී සිටින බවට ඇයට පවසා ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඔහුගේ හොඳම මිතුරා විසින් බවට සැක කරන බව පොලීසිය පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here