උතුරේ සියලුම අධිකරණ වල නීතිඥවරුන් අද (07දා) වර්ජනයක් ප්‍රකාශයට පත් කොට තිබේ.
යාපනයේ ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කළ බව කියන නීතිඥවරියක් පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීම පිලිබඳව විරෝධය පල කිරීම පිණිස මෙම වර්ජනය දියත් කොට ඇත.
පොලීසිය අත් අඩංගුවට ගත් නීතිඥවරිය මේ වන විට යාපනයේ මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත නිදහස් කොට තිබේ.
කෙසේවෙතත් නීතිඥවරියගේ නිවස කිසිදු අධිකරණ නියෝගයකින් තොරව පරීක්ෂා කොට ඇයව අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බව කියමින් උතුරේ නීතිඥ සංගම් සියල්ලම අද දින වර්ජනයක නිරත වීමට තීරණය කොට ඇත.
Saru FM Media