රසපරීක්ෂක නිලධාරීහු 50ක් අලුතෙන් බඳවා ගැනෙති

0
3

බන්ධනාගාර රැඳවියන්ගේ නඩුවලට අදාළ රසපරීක්ෂක වාර්තා ප්‍රමාදවීම වැළැක්වීම සඳහා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට අලුතින් රසපරීක්ෂක නිලධාරීන් පනස් දෙනකු බඳවා ගැනීමට යයි.

මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතාගෙන් ‘දිවයින’ ඊයේ (06දා) කළ කරුණු විමසීමකදී හෙතෙම කියා සිටියේ, රජයේ රසපරීක්ෂක නිලධාරීන් පනස් දෙනකු ලහි ලහියේම රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට ක්‍රියා කරන බවය.

ඇමැතිවරයා පවසන ආකාරයට බන්ධනාගාරවල පසුවෙන සැකකරුවන් අතරින් මත්ද්‍රව්‍ය සිද්ධීන්ට අදාළ සැකකරුවන් පරිහරණය කළ මත්කුඩු වර්ග නිසි ආකාරයට හඳුනා ගැනීම සඳහා රජයේ රසපරීක්ෂකවරයාගේ සහාය ලබාගන්නා අතර එම වාර්තා ප්‍රමාදවීමට එය හේතුවක් වන්නේ රජයේ රසපරීක්ෂක නිලධාරීන්ගේ හිඟයයි.

රජයේ රසපරීක්ෂක වාර්තා කඩිනම් කිරීම සඳහා අලුතින් එම නිලධාරීන් සේවයට බඳවාගත යුතුව තිබෙන බව හැඟීයන බවද ඇමැතිවරයා පැවසීය.

බන්ධනාගාරවල තදබදය වැඩිවීමට ද රසපරීක්ෂක වාර්තා ප්‍රමාද වීමට බලපා තිබුණු බවට පසුගිය වකවානුවේ දිගින් දිගටම සඳහන් වුණි.
නෝමන් පලිහවඩන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here