සෝමාවතී පුදබිමේ පුරාවිද්‍යා කෞතුකාගාරය ජනපති අතින් විවෘත වෙයි….

0
3

පොලොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 6 දා) පෙරවරුවේ සිදු විය. සම්පූර්ණ කතාව

ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරුණු මෙම දෙමහල් මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් සහ අධීක්ෂණය යටතේ ඉදිකර ඇත.

ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, නිවාස නියෝජ්‍ය ඇමැති ටී. බී. සරත් යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයෝ ද, රත්න සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා මානෙල් දීපානි ගමගේ මහත්මිය සහ දායක සභාවේ සාමාජිකයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here