බෙල්ලන්විල මැණිකා සමුගනියි

0
2

ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරයේ සිටි ප්‍රසිද්ධම ඇතින්නියක වූ “බෙල්ලන්විල මැණිකා” නමැති ඇතින්න ඊයේ (06දා) පස්වරුවේ මියගොස් තිබේ.

ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරයේ පෙරහැර සඳහා මෙම “මැණිකා” ඇතින්න වසර ගණනාවක් පුරා සහභාගි වී ඇති අතර ජනතාවගේ ආදරය දිනාගත් ඇතින්නියක ද වූවාය.

මෙම ඇතින්න කලක් රෝගාතුරවී සිට සුවය ලබා තිබේ.

ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව අවසන් කටයුතු සිදුකරන බව විහාරස්ථානයේ ප්‍රකාශකයෙක් “දිවයින” ට පැවැසීය.

“මැණිකා” ඇතින්නගේ මරණය ආරංචි වී ප්‍රදේශවාසීන් ඊයේ සවස එම විහාරස්ථානයට රැස්වී සිටිනු දැකගත හැකි විය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, පින්සිරි ආරියරත්න – රත්මලාන සහ ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here