ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක වෙඩි තැබීමක් සිදුව ඇත.විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීමෙන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු විසින් වෙඩි ප්‍රහාර 100කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර ඇත. පොලිස් වාහන ඇතුළු මාර්ගයේ ගමන් කළ වාහන ද ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කර ඇති බව වාර්තා වේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Saru FM Media