සිඩ්නි නගරයේ වෙඩි තැබීමක්

0
3

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන් වේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගල‍යෙකු අත්අඩංගුවට ගෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාර 100කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර ඇති අතර පොලිස් වාහන ඇතුළු මාර්ගයේ ගමන් කළ වාහන ද ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here