වැසි සමග තද සුළං සහ ප්‍රබල අකුණු

0
3

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ( 06 ) සඳහා උදෑසන 05.30 ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනය අනුව ,
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බැවින්, ඒ සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි .

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here