ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය වැස්සට සේදෙයි

0
2

2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් තරගයක් සෙනසුරාදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබුණත් තරගයේ කාසියේ වාසියවත් උරගා බැලීමට නොහැකිව තරගය අතහැර දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමග තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට දහවල් කාලයේ සිටම නොනවත්වා වර්ෂාව ඇදවැටෙමින් තිබුණි.

තරගය පැවැත්වීමට තරම් කාලයක් ඉතිරිව නොතිබීම මත තරග තීරකවරිය තීරණය කළේ දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් ලබාදී තරගය නවතා දමන බවයි. ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේදී මුහුණදීමට නියමිතව ිසිටි දෙවැනි තරගය මෙය වන අතර මීට පෙර තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජය විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීළඟ තරගය ලබන ඔක්තෝබර් 11 වැනිදා එංගලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතය.

සුසිල් ජයකොඩි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here