දුප්පත්කම තුරන් කිරීමට රාජ්‍ය සේවකයන්ටද ඓතිහාසික වගකීමක් පැවරී තිබෙනවා – ඇමැති ආචාර්ය චන්දන අබයරත්න

0
2

දුප්පත්කම තුරන් කිරීමේ මෙහෙයුම දියත් කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ටද අත් හළ නොහැකි ඓතිහාසික වගකීමක් පැවරී තිබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි

ඒ මහතා මේ බව පැවසූයේ රුපියල් මිලියන 163 ක මහජන මුදල් වැය කර පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව නගරය තුළ අලුතින් ඉදි කර ඇති ආණමඩුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයීය නව

ගොඩනැගිල්ල පසුගිය(01)දා ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අවස්ථාවේදීය. වසම් 35 ක් හා

ගම්මාන 140 කින් සමන්විත ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිටින පවුල් සංඛ්‍යාව 14,763 කි. 44,483 ක මුළු ජනගහනක් මෙම කොට්ඨාසය ජීවත් වන අතර මෙම නව කාර්යාල පරිශ්‍රය විවෘත වීමත් සමඟ ඔවුන්ට අවශ්‍ය සේවා වඩාත් පහසුවෙන් ඉටු කරගැනීමට අවස්ථාව සැලසේ. මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අපේ රජයේ ප්‍රධාන ඉලක්කයක් තමා පොහොසත් රටක් නිර්මාණය කිරීම. ඒ වෙනුවෙන් අපි වැඩසටහන් 3ක් මෙහෙයවනවා. ඒ අතරිනුත් ප්‍රධානතම මෙහෙයුම තමා දුප්පත්කම තුරන් කිරීමේ මෙහෙයුම. ඒ මෙහෙයුම සඳහා තමා මේ ඉදිකරපු ගොඩනැගිලි විධිමත්ව සකස් කරලා රාජ්‍ය සේවයට සම්බන්ධ නිලධාරීන්ට පහසුකම් සලසලා තිබෙන්නේ. දුප්පත්කම තුරන් කිරීමේ මෙහෙයුම රජයකට විතරක් තනිව කරන්න බැහැ. රාජ්‍ය සේවකයන් ලෙස ඔබ හැමෝටමත් පොහොසත් රටක්

ගොඩනැගීමේ හා ජනතාව සතුටින් තැබීමේ අතහැරිය නොහැකි ඓතිහාසික වගකීමක් පැවරී තිබෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වූ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාද අදහස් දැක්වූ අතර පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගයාන් ජානක, මෙහොමඩ් අස්වර්, ආණමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, පුත්තලම දිස්ත්‍රික් ලේකම්, ආණමඩුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here