ඊශ්‍රායල – හමාස් සාම සාකච්ඡා හෙට ඊජිප්තුවේදී

0
3

ඊශ්‍රායල සහ හමාස් නියෝජිතයින් අතර නිල නොවන සාකච්ඡා හෙට (06) ඊජිප්තුවේ කයිරෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම සැලසුමේ කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ සඳහා දෙපාර්ශ්වයේ නියෝජිතයින්ට අමතරව අමෙරිකානු ජනාධිපතිගේ විශේෂ නියෝජිතයින් ලෙස ස්ටීව් විට්කොෆ් සහ ජනපතිගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් ද සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here