ප්‍රසන්න රණවීරගේ පෙත්සම ගැන තීන්දුව අප්‍රේල් 28 වනදා

0
11


තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද ?නැද්ද ? යන නියෝගය අප්‍රේල් මස 28 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියම කළා.

ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

කැලණිය ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ඔප්පු සකසා විකිණීමේ සිද්ධියකට අදාළව තමන් ව අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව පසුගිය මාර්තු 17 වන දා හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණා.

ඒ, එම සිද්ධියට අදාළ ව හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහු සොයා ගියත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබී තිබීම හේතුවෙන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here