නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 11ක් මරුට

0
3

නේපාලයේ කත්මන්ඩු නුවරට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමග සිදුවු ආපදාවලින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

අද අලුයම නේපාලයේ ඉලම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම නේපාලයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට මහා මාර්ග රැසක් වසා දමා ඇති බව සඳහන් වේ.

මේ අතර පසුගිය වසරේදී නේපාලයට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 224 දෙනෙකු මියගොස් තවත් 158 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් ක‍ර සිටී.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here