විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන කරුණු මත පදනම් වූ ජනතා ආදරය ලාභ අරමුණුවලින් තෙර වූවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජීවිතයේ බොහෝ කාලයක් ජනතාව අතර ගතකළ තමාට ජනතාවගේ ආදරය හුරුපුදුරු වන බවය.
මේ හේතුවෙන් එහි වටිනාකම අන් කිසිදාටත් වඩා වැඩි බවත් මෙය දේශපාලනික සම්බන්ධතාවයක් පමණක් නොවූ හෘදයාංගම බැඳිමක් වන බැවින් බිඳ හෙළිමට ද අපහසු බවත් එම සටහනේ සඳහන් වේ.
එම නිසා බිඳ දැමීමට කරන උත්සාහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැකි බවත් පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා සිය සටහන මගින් සඳහන් කර ඇත්තේ නායකයෙකු ලෙස ලැබිය හැකි උපරිම සතුට, ජනතාව සමග ගෙවන මෙම කාලය පුරාවටම තමන් අත්විඳින බවය.
Saru FM Media