ඇල්පිටියේ වෙඩි පත්තු වෙයි

0
3

ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (05දා) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් හානි සිදුව නොමැති අතර නිවසේ ජනේලයක් පමණක් බිඳී ගොස් ඇත. පොලිසිය සඳහන් කරන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය සැක කරන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු පොලිසියට සැපයීමට එරෙහිව මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවයි. ඇල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here