ගාසා තීරයේ යුද ගිනි නිවන ට්‍රම්ප්ගේ මෙහෙයුමට මෝදිගෙන් ප්‍රසංශා

0
3

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරයේ යුධ ගිනි නිවා දමා සාමය ස්ථාපිත කිරීමට ගන්නා වූ උත්සාහය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ප්‍රසංශාව පළ කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ සාම ප්‍රයත්නයන් තීරණාත්මක ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බැවින් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම නායකත්වය සඳහා ඉන්දියාවේ ප්‍රසංශාව හිමිවන බවය.

තවද ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳවද සැලකිය යුතු පියවරක් සනිටුහන් ව ඇති බවත් සඳහන් කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කල් පවතින හා සාධාරණ සාමයක් සඳහා වන සියලු උත්සාහයන්ට ඉන්දියාව අඛණ්ඩව සිය සහාය ලබ දෙනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here