සිරුරේ අධික උෂ්ණාධික බව අඩු කර ස්ත්‍රීන්ගේ සරු බව ඉහළ දමන පෝෂණීය ආහාර.

0
14


ඔබ දරුවෙක් පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරනවා නම් ඔබට හොඳ ආහාර පුරුදු තිබිය යුතුමයි. ඔබේ සිරුරේ ඇති පෝෂණය සහ සිරුරේ උණුසුම් ගතිය අඩුවීම දරුඵල ලබා ගැනීම ඉක්මන් කරන බව ඔබ දැනගෙන හිටියා ද?

ඒ වගේම ආයුර්වේදයට අනුව ඔබ දරුවෙක් අපේක්ෂා කරනවා නම් දවසේ ආහාර වේල් තුන ලබා ගන්නා වෙලාව හැමදාමත් එකම වෙලාවක් කර ගන්න.එහිදී උදෑසන ආහාරවේල අනිවාර්යයෙන් ලබා ගැනීමත්,දිවා ආහාරය 11-12 අතර වෙලාවක ලබා ගැනීමත් රාත්‍රී ආහාර වෙලාව ප්‍රමාද වී නොගෙන අඳුර වැටෙන්නට පළමු ලබා ගැනීමත් වැදගත්. එකම වෙලාවකට ආහාර ගැනීමෙන් ශරීරයේ පෝෂක ලබා ගැනීම එකම පිළිවෙලකට හැඩ ගැසීමට හේතුවක් වෙනවා.

ඒ වගේම ෂඩ් රසයෙන් යුතු ආහාරයක් හෙවත් සමබල ආහාර වේලක් ලබා ගැනීමත් හරිම වැදගත්.

ඉතින් ඔබ සරු බව වැඩි කරන ආහාර ගැන සැලකිලිමත් නම් මේ ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගත යුතුමයි.

නමුත් සත්ව ප්‍රෝටීන්වලට වඩා ශාක ප්‍රෝටීන් ඉතා හිතකර බව තමයි ආයුර්වේදයේ පැවසෙන්නේ.

මේ ආහාර පිළිවෙල නිවැරදිව පවත්වා ගැනීම ඔබේ ගර්භාෂයේ සරු බව සහ සිසිල් බව වැඩි දියුණු කර සිරුරේ පෝෂණය ඉහළ දමා ඔබේ සිහිනය ඔබ වෙත ඉක්මනින් ළඟා කරන්නට හේතු වේවි.

තොරතුරු සැපයීම

රුචිරා නිශ්ශංක
බී.ඒ.එම්.එස්(ගෞරව )කොළඹ විශ්ව විද්‍යලය
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී(වැලිමඩ )



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here