සියලු වැඩ කටයුතුවලට සුබ කෝටියක් දෝෂ භංග කරන කේවල සිද්ධි යෝගය සහිත අතිශයින් ප්‍රශස්ත නැකැත් දිනයක් මෙම ඔක්තෝබර් 11 වැනිදාට යෙදේ. මෙදින සෙනසුරාදා දිනයක් වුවද කේවල සිද්ධි යෝගය යෙදී ඇති බැවින් සුබ වැඩ කටයුතු සඳහා යොදා ගතහැකිය. කේවල සිද්ධි යෝගයක සුවිශේෂත්වයක් වන්නේ ද එයයි. සෙනසුරාදා දිනයක රෙහෙණ නැකත යෙදීම නිසා උදා වන මෙම කේවල සිද්ධි යෝගය මෙදින පස්වරු 3.25ට පවතී. තවද අමෘත යෝග බලයෙන් සහ ශ්‍රීවත්ස යෝග බලයෙන් ද මෙම දිනය පෝෂණය වී ඇත. කේවල සිද්ධි යෝගය යෙදී ඇති විටෙක පංචාංග ශුද්ධිය නොමැති වුවද, අඟහරුවාදා, සෙනසුරාදා වැනි දිනයක් වුවද අව, මර, වීෂ ආදි දෝෂ සහිත දිනයක වුවද සුබ කටයුතු සඳහා යොදා ගතහැකිය.
රෙහෙණ නැකත යෙදී ඇති බැවින් මෙදින දරුවන්ගේ කටයුතු, වෙළහෙළඳාම් කටයුතු, කෘෂිකාර්මික කටයුතු, මුදල් සම්බන්ධ කටයුතු, ගිවිසුම් අත්සන් කීරිම, වෙහෙර විහාර, දේවස්ථාන ආදී ආගමික කටයුතු, රැකියා භාර ගැනීම වැනි බොහෝ කටයුතු සඳහා සුබදායක වේ. අස්විද, මා, මුල, මුවසිරස, සිත, දෙනට, අද,සා,සියාවස,කැති, උත්‍රපල්, උත්‍රසල, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් හිමියන්ට මෙම දිනය ඉතා හොඳින් සීහේ.
ජ්‍යොතිර්වේදී,වාස්තුවිද්‍යා උපදේශක,
දේශමාන්‍ය ආචාර්ය – කපිල ඉන්ද්‍රික ගුණදාස.
මාලිබොඩ- දැරණියගල.
076 824 8000
Saru FM Media