ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අත්හැර දමයි

0
3

කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතහැර දැමීමට තරග තීරකවරයා තීරණය කර තිබේ.  

පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් දිගින් දිගටම ඇදහැලුණු වර්ශාව හේතුවෙන් පස්වරු 5.30 වන විටත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවන තරගය මෙය වන අතර පළමු තරගයේදී ඔවුන් ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණි. 

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඔවුන් මුහුණදුන් පළමු තරගයේදී නවසීලන්ත කාන්තා කණ්ඩායම පරදා ලකුණු 89ක  ජයක් හිමිකර ගත්තාය. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here