ඉන්දීය එක්දින නායකත්වයත් ශුබ්මන් ගිල්ට

0
4

ඉන්දීය කණ්ඩායමේ එළැඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් නිත්‍ය නායක රෝහිත් ශර්මා ඉවත්කර, ඒ සඳහා ශුබ්මන් ගිල් නම්කර තිබේ.

ඒ අනුව වසර 51ක් පුරා එක්දින ජාත්‍යන්තර තරග 1000කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩාකර ඉන්දීය එක්දින පිටියේ 28 වන නායකයා බවට 26 හැවිරිදි ශුබ්මන් ගිල් පත්වනු ඇත.

ඉන්දීය කණ්ඩායම මෙම මස මැදදී ඔස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, එය එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 5කින් සමන්විතය.

ඒ සඳහා වන එක්දින සංචිතය අද (4) නම්කළ අතර, එම සංචිතයේ මෙලෙස ශුබ්මන් ගිල් නායකයා ලෙසත් ශ්‍රෙයාස් අයියර් උපනායකයා ලෙසත් නම්කර තිබේ.

කෙසේ නමුත් රෝහිත් නායකත්වයෙන් ඉවත් කරනු ලැබුවද, ඔහු එක්දින සංචිතයට නම් කර ඇති අතර, විරාට් කෝලිද ඒ සඳහා නම්කර ඇත.

මෙම වසරේ මාර්තු මස පැවති ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරයෙන් පසු රෝහිත් මෙන්ම කෝලි ඉන්දියාව නියෝජනය කරමින් කිසිදු අන්තර්ජාතික තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

2024 වසරේ විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව විස්සයි20 සහ ඉන් අනතුරුව ටෙස්ට් පිටියට සමුදීමට විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා කටයුතු කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here