අක්මාව සඳහා හොඳම ආහාර

0
12


අක්මාවේ නීරෝගී බව පවත්ව ගන්නෙ කොහොමද කියල https://smartlady.lk/article/35830/health-34/   වගේ ලිපි හරහා smart lady අපි මීට කලින් ඔබත් එක්ක කතා කරා ඔබට මතක ඇති. 

ප්‍රෝටීන සහ කොලෙස්ට්‍රෝල් නිපදවීම, විටමින්, ඛනිජ ලවණ සහ කාබෝහයිඩ්‍රේට ගබඩා කිරීමට අවශ්‍ය බයිල් නැමති සං‍යෝග නිපදවීම වගේ අපේ ශරීරය තුළ ඉතාම වැදගත් මෙහෙයන් රාශියක් ඉටු කරන අක්මාවේ එන්සයිම ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගන්න, අනවශ්‍ය පරිදි මේදය තැම්පත් වීම වළක්වා ගන්න, ප්‍රදාහ තත්වයන් සහ ඔක්සිකාරක ආතතිය ඇතිවීම වළක්වා ගන්නත් අපි ගන්නා ආහාර වලින් ඉටුවෙන්නෙ ඍ ජු සහ ඉතාම වැදගත් බලපෑමක්. 

ඉතිං, අක්මාව මේ විදිහට නීරෝගීව පවත්ව ගන්න අපිට උපකාරී වෙන ආහාර වර්ග මොනවද කියල හොයල බලන්නයි smart lady අපේ අද මේ සූදානම. 

කෝපි

කෝපි කියන්නෙ අක්මාව නිරෝගීව පවත්ව ගන්න දායක වෙන ප්‍රධාන පාන වර්ගයක් බව පර්‍යෙෂකයන් සඳහන් කරනවා. 

සිරෝසිස්, සුව නොවන අක්මා අකර්මන්‍යතා, නිදන්ගත අක්මා රෝග, අක්මාව ආශ්‍රිත පිළිකා තත්වයන්, අක්මාවේ මේදය සහ කොලැජන් තැම්පත් වීම වගේ සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවධානම කෝපි පානය කරන්නන් අතර අඩු බව 2016 වර්ෂයේ කරන ලද පරීක්ෂණ කීපයක ප්‍රතිඵල ලෙස සොයාගෙන තිබෙනව වගේම කෝපි වලට සෛලවලට හානි කරන රැඩිකල් සං‍යෝග බිඳදමන ප්‍රතිඔක්සිකාරක නිපදවීමේ හැකියාවත් තියෙනවා.

නමුත්, කෝපි වල කැෆේන් බහුලව අඩංගු නිසා අනවශ්‍ය පරිදි කෝපි ඔබේ ආහාර වේලට එක් නොකරගෙන සීමා සහිතව භාවිත කිරීමටත් ඔබ සැළකිලිමත් විය යුතුමයි. 

තේ 

අක්මාව ආශ්‍රිතව ඇතිවෙන පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරන්න තේ, විශේෂයෙන්ම හරිත තේ / green tea වලට හැකියාව තියෙනව කියල පරීක්ෂණ මඟින් සනාථ කරගෙන තිබෙනවා. 

නමුත්, අක්මාව ආශ්‍රිත යම් යම් රෝගාබාධයකින් දැනටමත් පෙළෙන ඔබ දෛනික තේ පානය වැඩි කරන්න හෝ තේ පානය කිරීම සම්බන්ධව ඔබේ වෛද්‍යවරයාගේ අදහස් විමසීම ඉතාම වැදගත්. 

ග්‍ර්‍රේප් ෆෲට් / grapefruit 

ග්‍රේප් ෆෲට් කියන්නෙ ලංකාවේ අපිට එතරම් හුරුපුරුදු නැති පෙනුමින් දොඩම් වලට සමාන වුනත් ඉතා ඉහළ පෝෂණීය ගුණ වලින් අනූන පළතුරක් කියල හඳුන්වන්න පුළුවන්. 

විශේෂයෙන්ම අක්මාවේ නීරෝගී බවට බලපාන ප්‍රතිඔක්සිකාරක සං‍යෝග බොහොමයක් මේ පළතුරු වල අන්තර්ගත වෙලා තියෙනව කියල සොයාගෙන තිබෙනවා. 

අක්මාවේ ප්‍රදාහ තත්වයන් සමනය කරන්නත් සෛලවල ආරක්ෂාවටත් උපකාරී වෙනව වගේම සතුන් ආශ්‍රිතව කරන ලද විද්‍යාගාර පරීක්ෂණ මඟින් අක්මාවේ අනවශ්‍ය ලෙස සම්බන්ධක පටක තැම්පත් වීම නිසා ඇතිවෙන hepatic fibrosis වගේ රෝග තත්වයන් වැළැක්වීමේ හැකියාත් තියෙනව කියල තහවුරු වෙලා තියෙනව වුනත් මේ සම්බන්ධව තවත් පරීක්ෂණ කළ යුතු බව තමයි පර්‍යෙෂකයන් සඳහන් කරන්නෙ. 

බ්ලූබෙරි සහ කැන්බෙරි 

බ්ලූබෙරි සහ කැන්බෙරි වලත් ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වෙලා තියෙනව කියල සොයාගෙන තියෙනවා.

ඒ වගේම පරීක්ෂණ මඟින් තහවුරු කරගෙන තියෙන විදිහට අක්මාවේ තෙල් තැම්පත් වීම අඩු කරන්නත්, මිනිස් අක්මාව අශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා තත්වයන් ඇතිවීමේ අවධානම අඩු කරන්නත් මේ බෙරි වර්ග ඔබේ ආහාර වේලට නිරතුරුව එකතු කර ගැනීමෙන් හැකියාව ලැබෙන බව පරීක්ෂකයන් පෙන්වා දෙනවා. 

මිදි 

මිදි කියන්නෙ නම් අපිට හුරුපුරුදු පළතුරක්නෙ. 

මිදි වලත් රතු සහ දම් පාට මිදිවල මේ අක්මාවේ නීරෝගී බවට දායක වෙන සංයෝග බොහොමයක් අඩංගු වෙලා තියෙනව කියල සොයාගෙන තිබෙනව. 

ඒවා මඟින් අක්මාව ආශ්‍රිතව ඇතිවෙන,

ප්‍රදාහ තත්වයන් අඩු කිරීම,

සෛල හානි වැළැක්වීම සහ

ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය වැඩි කිරීමේ හැකියාව ලැබෙන බව තමයි සඳහන් වෙන්නෙ. 

නමුත්, මේ සඳහා තවදුරටත් පරීක්ෂණ කිරීම අවශ්‍ය නව පරීක්ෂකයන් පෙන්වා දෙනවා. 

එළවළු 

බ්‍රොකලි, ගෝවා, මල්ගෝවා වගේ එළවළු මේ අතර ප්‍රධානම ස්ථානයක් හිමිකර ගන්නවා. 

විශේෂයෙන්ම හානිකර සංයෝග වලින් සිදුවෙන අක්මාවේ විෂ තැම්පත් වීම වළක්වා ගන්න මේ එළවළු වර්ග වලින් ඉතා හොඳ දායකත්වයක් ලැබෙන බවත් පිළිකා වර්ධනය සීමා කරන්න උපකාරී වෙන බවත් පරීක්ෂණ වලින් සනාථ කරගෙන තිබෙනවා.

ඇට වර්ග

සෞඛ්‍යාරක්ෂිත මේදය, ප්‍රතිඔක්සිකාරක, විටමින් e සහ ශාක පෝෂක වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙන ඇට වර්ග වලිනුත් අක්මාවේ නීරෝගී නව පවත්වා ගන්න ඉතා හොඳ සහයක් ලැබෙන බවයි සඳහන් වෙන්නෙ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here