අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

0
4

දෙහිවල දුම්රියපොල අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සහ බරපතල තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
2025.07.18 වන දින දෙහිවල දී සිදුවූ මෙම සිදුවීම ගැන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (03) සවස් කාලයේදෙහිවල බස් නැවතුම්පොල අසලදී ඉහත සඳහන් අපරාධය සිදු කිරීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ . සැකකරු සතුව අයිස් මත්ද්‍රවය ග්‍රෑම් 50ක්, කඩු 05 ක් සහ කිනිස්සක් ද අත්අඩංගුවට ගෙන තිබේ . සැකකරු සමග ඒ සියල්ල ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 34 ක් වන සීවලි පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here