කැන්ටබරියේ මුල්ම අගරදගුරු කාන්තාව බිෂොප් සාරා මුලාලි

0
3

කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත ලබා දී තිබේ . ඒ , 63 හැවිරිදි සාරා මුලාලි ( Sarah Mullally ) බිෂොප්වරිය වේ.
ප්‍රධාන හෙදියක ලෙස කටයුතු කල ඇය , 2006 දී පූජකවරියක් බවට පත් වූවාය . 2018 දී සාරා මුලාලි , ලන්ඩනයේ පළමු කාන්තා බිෂොප්වරිය ලෙස පත් කරන ලදී . සාරා මුලාලි බිෂොප්වරිය එංගලන්ත පල්ලියේ පූජක පක්ෂයේ තුන්වන ජ්‍යෙෂ්ඨතම සාමාජිකාව වන්නීය
එමෙන්ම , වසර 1, 400කට පසු එම තනතුරට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව ලෙසද ඇය ඉතිහාසගත වන්නීය .

ගෝලීය ඇන්ග්ලිකන් කතෝලිකයින්ගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ ද කැන්ටබරියේ අගරදගුරුවරයාය. එහෙයින් මෙය සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ .බ්‍රිතාන්‍ය රාජාභිෂේකයන් හිදී , කිරුළ පැළඳවීම වැනි භාරදූර්ය කාර්යන් සිදු කරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම, ඓතිහාසික අවස්ථාවක් ලෙස ද පිළිගැනේ .

මීට පෙර , අගරදගුරු පදවිය දැරූ ජස්ටින් වෙල්බි , ඉල්ලා අස්වීමෙන් පසු වසරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු මෙම පත්කිරීම සිඳු කර තිබේ .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here