රතු මුහුදේ දී සබ්මැරීනයක් අනතුරට ලක්වෙයි

0
15


ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් සංචාරකයින් 6 දෙනෙකු මියගොස් ඇති බව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ නමුත් අනතුරෙන් 39 දෙනෙකුම බේරාගැනීමට ගලවාගැනීමේ මෙහෙයුම්හි නිරතව සිටි නිලධාරින්ට හැකි වූ බව ඊජිප්තුව තහවුරු කර ඇත.

ඊජිප්තුවේ හුර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ දුරින් වූ මුහුදේ දී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී එම සබ්මැරීනයේ රුසියානු, නෝර්වේ, ස්වීඩන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් රැසක් සිට ඇත.

කෙසේ නමුත් මියගිය 6 දෙනාම රුසියානුවන් බවට මේ වනවිට හදුනාගෙන තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සී ස්ටෝරි නම් සංචාරක බෝට්ටුවක් හුර්ගාඩාහි දියේ ගිලී ගිය අතර, ඉන් බ්‍රිතාන්‍ය යුවළක් ඇතුළුව 11 දෙනෙකු මියගොස් ගියහ. 

එම අනතුරෙන්ද 35 දෙනෙකුගේ දිවි ගලවාගැනීමට හැකිව ඇත.





Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here