ක්‍රමවත් ව ව්‍යායාම් කිරීම ඔබේ සිරුරට මෙන් ම මනසටත් බොහෝ ප්‍රතිලාභ ගෙන දෙන බව ඔබ දන්නවා. එහෙත් ඔබ එක්වරම ව්‍යායාම් නතර කළහොත් සිරුරට කුමක් සිදුවේද? එක්වර ම ව්‍යායාම් නතර කිරීමෙන් ඔබට ලැබෙන අහිතකර ප්‍රතිඵල ගැනයි මේ ලිපිය.
ව්‍යායාම් කරන විට ඔබ තුළ පැවති ප්‍රබෝධමත් ස්වභාවය එක් වරම ව්‍යායාම් නතර කිරීමෙන් ඔබට අහිමි වෙනවා. මීට හේතුව වන්නේ ඔබ ව්‍යායාම් කරන විට තරම් රුධිර ප්‍රමාණයක් ව්‍යායාම් නතර කළ විට hippocampus ප්‍රදේශයට නොලැබී යාමයි. ව්‍යායාම් නවත්වා දින තුනකින් පමණ මෙසේ විශාද තත්ත්වයක් ඇති විය හැක්කේ එනිසායි.
ඔබ ව්‍යායාම් නතර කර සති දෙකකට පමණ පසු ඔබේ රුධිර නාල දැඩි වී රුධිර පීඩනය ඉහළ යන්නට පුලුවන්. මාස තුනකට පසු තවත් ප්‍රමාණයක් ද, වසරකට පසු බොහොම වැඩි ප්‍රමාණයක් ද මෙසේ රුධිර නාල දැඩි වීම සිදු වෙනවා.
ක්‍රමිකව ව්‍යායාම් කරන විට ඔබේ රුධිරයේ සීනි මට්ටම ස්ථාවර ව පවතිනවා. එනිසා බර වැඩිවීම, දියවැඩියාව සහ හෘද රෝග වැළඳීමේ අවදානම අඩුයි. එහෙත් ව්‍යායාම් නතර කළ විට මෙය බිඳ වැටෙනවා.
ව්‍යායාම් කරන විට මාංශපේෂි හොඳින් හැඩ ගැසී පිරිපුන් ව පවතිනවා. එහෙත් ඔබ හදිසියේම ව්‍යායාම් කිරීම නතර කළොත් ඒවා හැකිලෙන්නට පටන් ගන්නවා. එය කොන්දේ වේදනා, සන්ධි වේදනා ඇති කරන්නට සමත් වෙනවා.
ඔබ එක්වර ම ව්‍යායාම් නතර කළ විට, ක්‍රමවත් ව සිදු වූ බොහෝ අභ්‍යන්තර ක්‍රියා හදිසියේ බිඳ වැටෙනවා. මෙය ඔබේ හදවතට සහ පෙනහලු වලට කිසිසේත් ම යහපත් නොවෙයි.
ඔබ ව්‍යායාම් නතර කළ විගස බර වැඩි වන්නේ නැහැ. එහෙත් ඔබ පෙර ආහාර රටාවම ගෙන ගියහොත්, පෙර සේ කැලරි දහනයක් සිදු නොවන නිසා බර වැඩි වීම සිදු වෙනවා.
ක්‍රමවත් ව්‍යායාම් අස්ථිවල ශක්තිමත් බව රැක දෙනවා. එමගින් ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි දුර්වල වීම නිසා ඇතිවන රෝගවලින් ද වැළකෙනවා. නමුත් එක්වරම ව්‍යායාම් නතර කිරීමෙන් මේ සියල්ල අහිමි වෙනවා. ඔබේ අස්ථි සවිමත් බව ඉක්මනින් ම අඩු වෙනවා.
ව්‍යායාම් මගින් ගතට මෙන් ම සිතට ද සුවදායක බවක් දැනෙනවා. එමෙන් ම පරිවෘත්තිය ක්‍රියා ද නිවැරදි ව සිදු වෙනවා. හදිසියේ ව්‍යායාම් නතර වීමෙන් ඔබේ සුවබර නින්ද ඔබට නැති වෙනවා. ඔබ වඩාත් තදින් ගොරවන බව පවා ඔබට දැනේවි.
එක්වර ම ව්‍යායාම් නතර කිරීමෙන් ඔබට ලැබෙන අහිතකර ප්‍රතිඵල මිස ඔබට ලැබෙන වාසියක් නම් නැහැ. කෙසේ හෝ දිනපතා නිසි පරිදි ව්‍යායාම් කරමින් ඔබේ සෞඛ්‍ය රැකගන්න.
Saru FM Media