වාර්තා අලුත්කළ හරාරේ ක්‍රීඩාංගණය

0
9

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඊයේ (3) හරාරේ ක්‍රීඩාංගණයේ පැවති තරගය එම ක්‍රීඩාංගණයේ පැවති 289වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස වාර්තා අතරට එක්විය.

ඒ අනුව ලොව එක් ක්‍රීඩාංගණයක වැඩිම ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත් වූ ක්‍රීඩාංගණ අතර තෙවන ස්ථානය දක්වා හරාරේ  ක්‍රීඩාංගණය ඉහළට පැමිණියේය.

එහිදී එම ක්‍රීඩාංගණය පසුකරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩාංගණය තරග 288කට සත්කාරකත්වය ලබා දී තිබූ කඩඉමයි.

මෙම වාර්තාවේ පෙරමුණ එක්සත් අරාබියේ සාජා ක්‍රීඩාංගණයට (තරග 309) හිමිව ඇති අතර, දෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාගණයට (තරග 293) හිමිව ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here