අද දින ඔබේ දෛවය

0
2

මේෂ –

ක්‍රියාකාරී දිනකි. අවිවේකී බව මත අතපසුවීම්වලට හේතුයි. පොදු සමිති සමාගම් උත්සව සභා වැනි දේ සඳහා සහභාගි වෙයි. වැයපස ද ඉහළ යයි. හදිසි ධන ලාභ ද ගෙනදෙයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 05

වෘෂභ –

දුර ගමන් යෙදේ හෝ ඒවා සංවිධානය කෙරේ. තම අරමුණු තරමක් ජයගනී. උත්සව සභාවන්හි මූලිකව ක්‍රියාකරයි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. අමතර ලාභ ද ලබයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු වෙයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 08

මිථුන –

උත්සව සාද වැනි දේවල් යෙදේ. ඒවා සංවිධානයට හේතුයි. ආගමික වතාවත් ගරු කරයි. තම ඇසුරු කරන්නෝද ඒ සඳහා යොමුකරවයි. තරමක් මිල මුදල් වැය වෙයි. හදිසි ධන ලාභ ද දෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මූල රෝග මතුවේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06

කටක –

ක්‍රියාකාරී දිනකි. දුර ගමන් වන්දනා ගමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා වැයපස ද ඉහළ යයි. නවක මිතුදම් ඇති වෙයි. හදිසි ලාභ ධන ලාභ දෙයි. සිරසගත රෝග දෝෂ මතුවේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

සිංහ –

තරමක් කලබලකාරී දිනකි. රාජකාරි බහුල වීමෙන් අවිවේකය මතුකරයි. ප්‍රීති සාදවලට හේතුයි. නවක මිතුදම් මතුවෙයි. ප්‍රේම සබඳතා මතු කරයි. හදිසි ධනලාභ ලැබීම් වේ. මුත්‍රා ආසාදන රෝග මතුවේ. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 03

කන්‍යා –

ශුභාශුභ ඵලදෙයි. සුපුරුදු රාජකාරිවල යෙදෙන අතර තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවෙයි. බලාපොරොත්තු රහිත ගමන් බිමන් වලට ද හේතුයි. හදිසි ධන ලාභ ලැබීම් වෙයි. ආහාර විෂවීම්වලට හේතුයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 01

තුලා –

අවිවේකී දිනකි. රාජකාරිවලදී ප්‍රබෝධමත්ව ක්‍රියාකරයි. විනෝදජනක කටයුතු ප්‍රීතිසාද වැනි දේවලට හේතුයි. වැයපස ඉහළ යයි. තරමක් ණය තුරුස්වීමට ද ඉඩ තිබේ. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 07

වෘශ්චික –

ශුභා ශුභ ඵල මතුකරයි. තරමක් වෙහෙසව ක්‍රියාකරයි. තම නිවසේ උත්සව ශ්‍රියාවක් මතු කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ලාභ ලැබීම් ඇති වෙයි. හදිසි රෝග වලට හේතුයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 02

ධනු –

ශුභා ශුභ ඵලදෙයි. ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලදී කැපී පෙනේ. ගමන් බිමන් ද තරමක් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. ලේ දූෂිත රෝග, මුත්‍රා ආසාදන මතුවේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 09

මකර –

ශුභා ශුභ ඵල මතුකරයි. ගමන් බිමන් යෙදෙන අතර ප්‍රවේශමෙන්. හුදකලා බවින් අත්මිදේ. තම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. නව වැඩ ඇරඹීමට ශුභයි. මූල රෝග, බඩවැල් රෝග මතුවේ. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08

කුම්භ –

තරමක් අවිවේකී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත දවස ගෙවේ. තම නිවස තරමක උත්සව ස්වභාවයක් මතු කරයි. රාජකාරි ද බහුල දිනකි. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. සන්ධි රෝග, වාත රෝග මතුවේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 04

මීන –

ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය මතු කරයි. නව වැඩ ඇරඹීමට ද හේතුයි. හුදකලා බවින් අත්මිදේ. නව මිතුදම් ඇති වෙයි. වැයපස ඉහළ යයි. ඉදිමුම් රෝගවලට හේතුයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 07

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here