වැඩ වර්ජනයක් හා උද්ඝෝෂණ මාලාවක්
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ අමතර සේවා දීමනාව යළි ලබාදීමට කටයුතු නොකළොත් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සහ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවට, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
2024 වර්ෂයේ සිට ලබාදුන් සිය රාජකාරි අමතර දීමනාව හිටි හැටියේ නවතාදමා ඇති බැවින් ඊට එරෙහිව පළාත් මට්ටමින් උද්ඝෝෂණ ක්‍රියාත්මක කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන නමුත් මේ වනතුරු ඊට යහපත් පිළිතුරක් ලැබී නැතැයි එම කමිටුවේ සාමාජික වෛද්‍ය චමල් ආර්. කුලතිලක මහතා ‘දිවයින’ට ඊයේ (02දා) පැවසීය.
සිය ගැටලුව විසඳාගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා ඇතත්, වෙනත් වෘත්තීය සමිතිවලට ලබාදෙන සාකච්ඡා හෝ ඇහුම්කන්දීම් තම වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෙත මෙතෙක් ලබාදී නැතැයි ද හෙතෙම චෝදනා කළේය.
සුජීව තත්සර
Saru FM Media