ආසියානු කුසලානය තවමත් ඉන්දියාවට ලැබී නෑ – ACC සභාපතිත් තදින්

0
2

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අවසන් වී අදට (2) දින 4ක් සම්පූර්ණ වුවද, ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ක්‍රීඩකයින් සඳහා පිරිනමන පදක්කම් ලැබී නොමැති බව වාර්තා වේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (1) ඩුබායි හිදී පවත්වා ඇති අතර, එහිදී ද ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ජයග්‍රාහකයින්ගේ පදක්කම් ලබා දෙන්නේද යන්න පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තා වේ.

මෙම රැස්වීමට ඉන්දීය ක්‍රිකට් උප සභාපති රජීව් ශුක්ලා ඇතුළු කිහිප දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබේ.

ඉන්දියාවට කුසලානය ලබාදීම සම්බන්ධයෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මොහ්සින් නක්වි පවසා සිටියේ, ඉන්දියාවට කුසලානය ලබාදීමට තමන් එදිනම සූදානම්ව සිටි බවත්, තවමත් ඒ සඳහා සූදානම් බවය.

“ACC සභාපතිවරයා ලෙස මම එදිනම කුසලානය ලබාදීමට සූදානම්ව සිටියා. මම තවමත් සූදානම්. 

ඔවුන්ට කුසලානය ඇත්තටම ඕනනම් , ACC කාර්යාලයට ඇවිත් මගෙන් ලබාගන්න. ඒ සඳහා ඔවුන් සාදරයෙන් පිළිගන්නවා” නක්වි සිය ‘X’ ගිණුමෙහි දක්වා ඇත.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here