සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

0
3

තංගල්ල සීනි මෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

‘බෙලිඅත්තේ සනා’ නමැති මෙම අපරාධකරු ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

විදෙස් රටක සිට මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් ලොරි රථ තුනක තිබී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී පසුගියදා පොලීසිය විසින් සොයාගනු ලැබීය.

‘උනාකුරුවේ ශාන්ත’ නමැති විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරට ජාවාරම් කටයුතුවල නිරත වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව අදාළ ජාවාරමට සම්බන්ධ ‘බෙලිඅත්තේ සනා’ නැමැත්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘භූමිතෙලා’ නමැත්තාගේ සමීපතමයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මීට අමතරව මෙම ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය සඟවා තැබු බව කියන තවත් නිවසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

තංගල්ල මාරකොළනිය ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස මෙම ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය සඟවා තබා ගැනීමට යොදාගෙන ඇති බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සියලු අපරාධ කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

හැටන් කම්කරු දිස්ත්‍රික් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here