පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය
H T S සමාජ සත්කාරයෙන් පොලිස් නිලධාරීන්ගේ දරුවන් 3050කට පාසල් උපකරණ පොලිස්පති අතින්
එච්.ටී.එස්. සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය ආචාර්ය එච්. ටී. ආර්. ප්‍රියන්ත කල්පගේ මහතාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් බිලිවර්ස් ඊස්ටන් වර්චිහි අග්‍රපීතෘවරයාණන්ගේ පළමු ගුණානුස්මරණයට සමගාමීව අති උතුම් ගිවර්ගිස් මෝර් මකාරියොස් අගරදගුරුතුමන්ගේ මඟ පෙන්වීම යටතේ කල්‍යාණප්‍රිය පියතුමාගේ මූලිකත්වයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඉල්ලීම පරිදි පොලිස් නිලධාරීන්ගේ දරුවන් 3050ට පාසල් උපකරණ හා සපත්තු මිලදී ගැනීමට රු. 3000ක වවුචර් පතක්ද, ගර්භනී නිලධාරී මව්වරුන් 110කට පෝෂණ මල්ලක් හා දරු ප්‍රසූතියෙන් පසු අවශ්‍ය ප්ලාස්ටික් උපකරණද මාතර සනස ශාලාවේදී ලබාදෙන ලදී.
තවද පොලිස්පතිතුමාගේ විශේෂ ඉල්ලීම පරිදි පොලිස් රෝහලට අයි.සී.යූ. ඇඳන් දෙකක් හා උපකරණද ලබාදෙන ලදී. මෙම පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් හා වවුචර්පත් මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන ස්ථාන කිහිපයක එනම් ඊයේ (01 දා) දකුණු පළාත ආවරණය කරමින් පාසල් ළමයින් 324 දෙනකුට කල්‍යාණප්‍රිය පියතුමා හා පොලිස්පතිතුමා සහ එම මහත්මියත්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා එච්.ටී.එස්. සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය ආචාර්ය එච්. ටී. ආර්. ප්‍රියන්ත මහතාගේ සුරතින් සිදු කරන ලදී.
මත්ද්‍රව්‍ය අපරාධ හා ජාවාරම්වලට සම්බන්ධ කිසිම පොලිස් නිලධාරියකු පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ තබා නොගන්නා බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

පොලිස් නිලධාරීන්ට නව වේතන ක්‍රමයක් සැකසීමට ඊට අදාළ වැටුප් ව්‍යුහය සැකසීමට කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසු දැන් ඒ සඳහා කටයුතු කෙරෙමින් තිබෙන බවද පොලිස්පතිවරයා කීය.
පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය තිබිය යුතු බවත්, පොලිසිය තුළ විනය නිසි ලෙස නොමැති නම් රටේ විනය රැකගත නොහැකි බවද කීය.
එච්. ටී. ඒ. සමූහ ව්‍යපාරයේ සභාපති ආචාර්ය එච්. ටී. ආර්. ප්‍රියන්ත මහතාගේ සම්බන්ධීකරණයෙන් බිලිවර්ස් ඊස්ටන්හි කල්‍යාණප්‍රිය පියතුමාගේ මූලිකත්වයෙන් පොලිස් නිලධාරීන්ගේ දරුවන් 3050කට පාසල් උපකරණ හා ගර්භනී මව්වරුන්ට ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව කීය.
Saru FM Media