ඉදිරි වසරේ සිට ලෝක ළමා දිනය ලෝකයේ බොහෝ රටවල් සමග එක්ව නොවැම්බර් මස 20 වැනිදා සැමරීමට කටයුතු යොදමින් ඇති බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය පවසන්නීය.
ඊයේ (01දා) පැවැති ලෝක ළමා දින සැමරුමට එක්වෙමින් ඇමැතිනිය මෙසේද කීවාය.
‘දැනට ඔක්තෝබර් 01 වැනිදා ලෝක ළමා දිනය ලෙස සැලකුවත් ජාත්‍යන්තර ළමා සම්මුතියට අනෙකුත් රටවල් සමග අත්සන් කර තිබෙන රටක් හැටියට ඉදිරියේදී නොවැම්බර් 20 වැනිදා ලෝකයේ බොහෝ රටවල් සමග එක්ව ලෝක ළමා දිනය සැමරීමට බලාපොරොත්තු වෙනවා.
හැම වසරකම එක දිනයක් දරුවන් වෙනුවෙන් වෙන් කරනවා වෙනුවට මේ ලෝකයම දරුවන්ගේ ලෝකය බවට පත්කරන්න අපි කටයුතු කරනවා.
කමල් බෝගොඩ
Saru FM Media