ඔබේ බර වේගයෙන් අඩුකරන සුපිරි ආහාර වර්ග 07 ක්..

0
13


ඔබේ උසට අනුව පැවතිය යුතු නිසි ශරීර බරට වඩා වැඩිපුර බරෙන් යුතු වීම සෞඛ්‍ය ගැටළු රාශියක් ඇති කරන්න ඍජුවම බලපාන බව smart lady අපේ ලිපි නිතරම කියවන ඔබ හොඳින්ම දන්න කාරණාවක්. 

නියමිත ප්‍රමාණයට වඩා බරින් වැඩි වීම නිසා හෘදයාබාධ සහ විවිධ හෘද රෝග, පිළිකා, රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටම සහ සීනි මට්ටම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවෙන විවිධ රෝගාබාධ, අස්ථි සහ සන්ධි රෝග වගේම මානසික ගැටළු ඇතිකරන්නත් මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය විදිහට ඔබේ ජීවිත කාලය කෙටි කිරීමටත් බලපෑම් කරනවා. 

ඒ නිසා ඔබේ ශරීරයේ නියමිත බර පවත්වා ගැනීම හරිම වැදගත්. 

ශරීරයේ නියමිත බර පවත්වා ගන්න අපේ ආහාර රටාව, ජීවන පුරුදු, ව්‍යායාම වගේම මානසික යහපැවැත්මත් එක හා සමානව බලපානවා. 

ඒත් කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක මේ දේවල් සමබර කරගන්න අපහසු ඔබට උදව්වක් විදිහට ශරීරයේ අනවශ්‍ය බර ඉක්මණින් අඩුකරගන්න උදව් වෙන ආහාර වර්ග 07 ක් ගැන කියන්නයි අපේ අද සූදානම. 

හැබැයි බර අඩු කරගැනීමේ අරමුණෙන් මේ ආහාර වර්ග තෝරගන්න ඔබ ආහාර වල ප්‍රමාණය වගේම ආහාර පිසින ක්‍රමය ගැනත් සැළකිලිමත් වෙන්නම ඕන. ඒ මොකද, අධික තෙල්, කෘතිම රසකාරක හෝ වර්ණක යොදා මේ ආහාර පිළියෙල කරොත් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබෙන නිසයි. 

එහෙනම් බලමු මොනවද මේ ආහාර වර්ග කියල? 

බිත්තර

බිත්තර කියන්නෙ ප්‍රෝටීන්, මේදය, විටමින් A, D, යකඩ සහ කැල්සියම් වලින් සංතෘ ප්ත ආහාරයක්. 

ප්‍රෝටීන් වලින් සංතෘප්ත බිත්තර කෑවට පස්සෙ බඩ පිරුණු හැඟීමක් දිගු කාලයක් පුරා දැනෙන බවයි පර්යේෂකයන් සඳහන් කරන්නෙ.

ඒ නිසා නැවත නැවත ආහාර ගැනීමට අවශ්‍යතාවයක් නොදැනෙන නිසා සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය අඩුවීම බිත්තර ආහාරයට ගැනීමේ ප්‍රධානම වාසිය විදිහට හඳුන්වන්න පුළුවන්. 

අත්‍යාවශ්‍ය පෝෂක අඩංගු නිසා පෝෂණය පිළිබඳ ගැටළුවක් ඇතිවෙන්නෙත් නෑ. 

ඔබ ආහාරයට ගත යුතු බිත්තර ප්‍රමාණය ගැන අවබෝධයක් ගන්න smart lady අපේ https://smartlady.lk/article/32324/is-it-good-to-eat-eggs-every-day/ ලිපිය කියවන්න ඔබට පුළුවන්. 

මාළු

මාළු කියන්නෙත් බිත්තර වගේම ප්‍රෝටීන් වලින් සංතෘප්ත ආහාරයක්. 

ප්‍රෝටීන් වලට අමතරව Omega (ඔමෙගා) 3, කැල්සියම්, පොස්පරස්, යකඩ, සින්ක්, අයඩීන්, මැග්නීසියම් වගේම පොටෑසියම් වගේ පෝෂකත් මාළු වල අන්තර්ගතයි. 

හරක් මස්, ඌරු මස් වගේ මස් වර්ග වෙනුවට,

මෝර,

සැමන්, 

හාල්මැස්සන්,

හුරුල්ලා,

මැකරල්,

ටූනා වගේ මාළු වර්ග එකතු කරගන්න ඔබට පුළුවන්. 

කුස පිරුණු හැඟීමක් වගේම හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරගන්න, අස්ථි සහ මාංශපේෂී වල නීරෝගී බවට, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්න, කුස තුළ සිටින කළල වල මොළයේ සහ වර්ධනයේ දියුණුවටත් මාළු ආහාරයට ගැනීමෙන් ඔබට හැකියාව ලැබෙනවා. 

මස් සහ අනෙකුත් ප්‍රෝටීන් ප්‍රභවයන්

බර අඩු කරගැනීමේ අරමුණෙන් ඔබ මස් තෝරගද්දි සැළකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනව.

රතු පැහැති මස් සහ සකස් කළ මස් (සොසේජස්, හැම්, බේකන්, මීට් බෝල්ස්) ආහාරයට නොගැනීම වගේම සම සහ මේද කොටස් ඉවත් කර මස් ආහාරයට ගැනීමත් ඉතාම වැදගත්. 

මස් කියන්නෙත් හොඳ ප්‍රෝටීන ප්‍රභවයක් කියල ඔබ දන්නවනේ. ප්‍රෝටීන් වලට අමතරව, යකඩ, විටමින් B12, සින්ක්, සෙලිනියම් සහ පොස්පරස් වගේ අත්‍යාවශ්‍ය පෝෂක රාශියකුත් මස් වල අන්තර්ගතයි. 

ඔබ නිර්මාංශයි නම් මස් සහ මාළු වෙනුවට ආදේශක විදිහට ටෝෆු, seitan, tempeh සහ mycoprotein වගේ ආදේශක භාවිතා කරන්න ඔබට පුළුවන්. 

පලතුරු සහ එළවළු 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here