තැන තැන සිදු වූ රිය අනතුරු – තිදෙනෙකුට දිවි අහිමි වෙයි

0
7

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (20) මෙම අනතුරු සිදුව තිබුණේ ලග්ගල, බදුල්ල සහ නවගමුව යන පොලිස් වසම්වලදීය.

ලග්ගල පොලිස් වසමේ බකමූණ හෙට්ටිපොළ මාර්ගයේ දේවාලදෙනිය හන්දිය අසලදී ටිපර් රථයක් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ පදිකයා ලග්ගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, දේවාලදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර බදුල්ල පොලිස් වසමේ තල්දෙන පුස්සැල්ලාව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනයකරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු  බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. 

එලෙස මියගොස් ඇත්තේ, 06 කණුව, පුස්සැල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි  පුද්ගලයෙකි.

මේ අතර නවගමුව පොලිස් වසමේ හෝමාගම – කඩුවෙල මාර්ගයේ වලව්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පදිකයා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, රණාල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here