සාම්ප්‍රදායික සහල්වල පෝෂණය ගැනත් දැනගනිමු

0
10


පසුගිය ලිපියක් මගින් අපේ පැරණි සහල් ගැන දැනුවත් වුණා.ඉතින් අප මේ ලිපියෙන් කියන්න යන්නේ විවිධ පර්යේෂණවලින් සනාථව ඇති පරිදි මේ පැරණි සහල් වල ඇති ගුණ මොනවාද කියලයි.සහල් කෝප්පයක අඩංගු පෝෂක ප්‍රමාණයෙන් අපට ලැබෙන ප්‍රථිලාභ තමා පහත සටහන් වෙන්නෙ.

සහල් කෝප්පයක අලෝහමය මූල ද්‍රව්‍ය 27.3% අඩංගු වෙන බවයි පැවසෙන්නෙ. මෙම ඛනිජ මගින් පිළිකා සෛල, හෘද රෝග, සන්ධි රෝග, රක්තවාතය අඩු කිරීමේ හැකියාවක් ද පවතී.

සහල් කෝප්පයක අඩංගු මැංගනීස් ප්‍රතිශතය 88.0%ක් වනවා. ස්නායු සහ ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ඉවහල් වෙනවා. මෙහි එන්සයිම 300 කට වැඩි ප්‍රමාණයක් පවතින අතර සිරුරේ ඉන්සියුලින් සහ ග්ලූකෝස් නිපදවන එන්සයිමයන්ගේ සහ සාධක ලෙස ක්‍රියාකරනු ලබනවා.

සතියකට හය වතාවක් ශාක රසායන ආහාරයට ගැනීමෙන් ධමනිවල සිරවීම් සහ කොලෙස්ටරෝල් අඩුකරනු ලබනවා.

පාරම්පරික සහල්වල ඉතා උසස් ප්‍රතිඔක්සිකාරක ශක්තියක් පවතිනවා. ඒ නිසා නිරෝගී පැවැත්මකට ඉන් අත්වන වාසි බොහොමයක් තිබෙනවා.

තන්තු ජීර්ණ ක්‍රියාවලියට හේතු වන අතර සිරුරේ බර අඩු කිරීමට සමත් වනවා.

ශරීරයේ සීනි යහපත් මට්ටමකින් පවත්වා ගන්නවා. සතියකට දෙවතාවක් දුඹුරු සහල් අනුභව කිරීමෙන් දියවැඩියාව වැලඳීමට ඇති ප්‍රවණතාවය 2% සිට 11% ක් තරම් අඩු කරගැනීමේ හැකියාව පවතිනවා.

සෛල ක්‍රියාකාරීත්වය, කැල්සියම් පාලනය, දත්,අස්ථි ශක්තිමත් කිරීමට වැනි කාර්‍යය වෙනුවෙන් පෝෂණය සපයනවා. පොස්පරස් අවම වූ විට රක්තහීන්තාවය, ආහාර අරුචිය, හිරිවැටීම, ප්‍රතිශක්ති ඌනතාවය වැනි තත්ත්වයන් ඇති වෙනවා.

යකඩ බහුලව අඩoගු වන බැවින් ඒ ආශ්‍රිත ගැටලු පැන නගින්නේ නැහැ.

ස්නායු සහ ප්‍රතිශක්ති පද්දතියේ නිරෝගීතාවයට හේතු වෙනවා. සෛල වර්ධනයට වගේම පැහැපත් සමකට ද උපකාරී වනවා.

මීට අමතරව ට්‍රිප් ට්‍රොපේන්, කැලරි, විටමින් බී 3, ලිග්නස්, ඇමයිලෝස් සහ ඇමයිලො පෙක්ටීන්, පොටෑසියම්, ගැමා ඔරිසනොල්, පිෂ්ඨ, ප්‍රෝටීන් ආදී පෝෂක ද්‍රව්‍ය රැසකින් සමන්විත වනවා.

ඒ වගේම සහල් වල ග්ලයිසිමින් අගය පහල මට්ටමකයි තියෙන්නෙ. ග්ලයිසිමින් අගය කියන්නෙ කාබෝහයිඩ්‍රේට් ආහාර වෙනුවෙන් ලබාදෙන 1-100 දක්වා පරාසයක තිබෙන දර්ශකයක්. ජපන් පර්යේශකයන් පෙන්වා දෙන්නේ බත්වල අඩංගු ග්ලයිසිමින් දර්ශකය නිසා රාත්‍රී නින්ද සුව දායක එකක් වනු ඇති බවයි.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here