මේ රෝග ලක්ෂණ ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් (fibroids) අවදානමක් ගැනද?

0
16


කාන්තා ලෙඩ රෝග අතර ෆයිබ්‍රොයිඩ්  කියන නම නිතරම ඇසෙනවා.මොනවද මේ ගර්භාෂයේ ගෙඩි හෙවත් ෆයිබ්‍රොයිඩ් කියන්නෙ.ඒ ගැන පොඩ්ඩක් හොයලා බලමු.

තවමත් මෙයට නිශ්චිත හේතුවක් කියන්නට බැහැ. එය කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය මත වර්ධනය වෙනවා.නමුත් අවුරුදු 50 න් පමණ පසු ආර්ථවහරණය සිදු වීම නිසා ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩාල වනවා. ඉන්පසු fibroids ඇතිවීමේ අවදානමක් නැහැ .

1.ගර්භණී කාන්තාවන් ගේ  ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහළ නිසා ෆයිබ්‍රොයිඩ් අවදානම වැඩි වෙනවා.

2.පවුලේ කිසියම් කාන්තාවකට මෙම තත්ත්වය තිබේ නම් එම පවුලේ අනික් කාන්තාවන්ටත් අවදානමක් තිබෙනවා.

3.අධික ලෙස තරබාරු කාන්තාවන් ට

4.දරුවන් නැති කාන්තාවන් ට හෝ දරුවන් අඩු කාන්තාවන් ට.

5.ඒ වගේම වයස අවුරුදු 15 ත් 50 ත් අතර ඕනෑම වයසක පසුවන කාන්තාවකට ෆයිබ්‍රොයිඩ්  වැලඳෙන්න පුළුවන්.

ෆයිබ්‍රොයිඩ් නිසා ගබ්සා වීම් සිදු වෙන්නට පුළුවන් .ඒ නිසා දිගින් දිගටම ගබ්සා වීම් සිදුවන විට ස්කෑන් පරීක්ෂණයකින් එයට හේතුව ෆයිබ්‍රොයිඩ් දැයි පරික්ෂා කළ යුතුයි .

ෆයිබ්‍රොයිඩ් සමඟ පිළිසිඳ ගැනීමකදී ඒ සදහා ප්‍රතිකාර කළ හැකි වන්නේ ප්‍රසූතිය ට පසුවයි .

කාන්තාවන්ගෙන් 50%කට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ .ඉතිරි 50% යම් යම් රෝග ලක්ෂණ පෙන්වනවා

1.ආර්තව සමයේදී රුධිර වහනය අධික වීම.

2.රුධිර කැටි ලෙස පිට වීම.

3.යටි බඩේ ඇති වන වේදනාව

4.කොන්දේ වේදනාව

5.වැඩි වාර ගණනක් මුත්‍රා පිට වීම.

6.ෆයිබ්‍රොයිඩ් වැළඳී ඇති බව දැන ගෙන නොසලකා සිටිය හොත් උදරය ඉදිරියට නෙරා ඒම,වළලූකර පහළ කොටස ඉදිමීම,නහර ගැට ගැසීම,මළපහ කිරීමේ අපහසුතා ආදිය ඇති වෙන්නට පුළුවන්.

රෝග ලක්ෂණ නොපෙන්වන ෆයිබ්‍රොයිඩ් සදහා ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ.

වෛද්‍ය උපදෙස් අනුව ස්කෑන් පරීක්ෂණයකින් හඳුනා ගන්නට පුළුවන් .

මේ සඳහා ප්‍රතිකාර වලට සුදුසු වන්නේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක්.

මුල් කාලයේදී රෝගය හඳුනාගතහොත් පෙති හෝ එන්නත් මගින් සුවකිරීමට හැකි යි.

කල් ගත වූ විට ශල්‍යකර්මයක් කළ යුතුයි.

ඒ සඳහා විවිධ සැත්කම් වර්ග කිහිපයක් තිබෙනවා .රෝගයේ ස්වභාවය අනුව වෛද්‍යවරයා විසින් ඒ තීරණය කරනු ඇති .

සැත්කමින් පසු තුවාලයට බෙහෙත් ගැල්වීම  ඉතා ප්‍රවේශමෙන් සහ පිරිසිදුව කළ යුතුයි .

කැපුම් ප්‍රදේශය වියළිව පවත්වා ගත යුතුයි .නැතිනම් තුවාල පැසවිය හැකියි.

මාස කිහිපයක් ගත වන තෙක් බර ඉසිලීම සුදුසු වන්නේ නැහැ.පඩි නැගීමේදී පරිස්සම් විය යුතුයි .

වෛද්‍යවරයා නියම කරන ආකාරය ට බෙහෙත් නිසි පරිදි ලබා ගත යුතුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here