තාජුඩීන් ලුහුබැඳ ගිය පිරිසේ කජ්ජා ඉඳලා

0
3

කජ්ජා ඝාතනයට අවි ගෙන ගියේ මනම්පේරි

තාජුඩීන් ඝාතනයේ සාක්ෂි විනාශ කිරීමට කජ්ජා ඝාතනය කරලා!

ඝාතනයේ සැඟවුණු රහස් එළියට

අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සුප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට ඔහු ලුහුබැඳ ගිය වාහනයේ සිටි මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයා මීගස්ආරේ ‘කජ්ජා’ නමැති තම සැමියා බව කජ්ජාගේ බිරිඳ විසින් ඊයේ (30 දා) හඳුනාගෙන තිබේ.

මීගස්සාරේ කජ්ජා මීට මාස කිහිපයකට පෙර සිය දරු දෙදෙනා ද සමග යතුරුපැදියකින් යමින් සිටියදී මිද්දෙණිය ප්‍රදේශයේදී ඝාතනය කෙරිණි. එම ඝාතනයට ආයුධ සපයනු ලැබුවේ දැනට අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි බවට ද මේ වන විට හඳුනාගෙන ඇත. සාක්ෂි විනාශ කිරීම සඳහා කජ්ජා ඝාතනය කළේද යන්න ගැන මේ වන විට පරීක්ෂණ අරඹා තිබේ. කජ්ජා ඝාතනය වන විට ඔහුගේ බිරිඳ විදේශගතව සිට තිබේ. තාජුඩීන් ඝාතනය වීමට පෙර තිඹිරිගස්යායේ සුපිරි වෙළෙඳසලකින් වතුර බෝතලයක් මිලදී ගන්නා අවස්ථාවේ එම ස්ථානයේ කජ්ජා සිට ඇති අතර ඔහු වෙනත් ජීප් රථයකින් තාජුඩීන් ලුහුබැඳ ඇති බවට වීඩියෝ පටයකින් සොයාගෙන තිබේ. තම සැමියා කොන්දේ අමාරුවකින් පෙළී සිටි බවත් ඔහු නිතරම තම කොන්ද අත ගෑම පුරුද්දක් කරගෙන සිටි නිසා එම වීඩියෝ පටය පෙන්නූ විට ඔහු හඳුනාගැනීමට කජ්ජාගේ බිරිඳට පහසු වී ඇති බවත් සඳහන් ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here