අධිවේගී මාර්ගයේ අනතුරුවලින් 12ක් මරුට

0
2

මේ වසරේ ගතවූ මාස නවයක කාලයේදී මෙරට අධිවේගී මාර්ගවල සිදුව ඇති රිය අනතුරුවලින් පුද්ගලයන් දොළොස්දෙනකු මියගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙම අනතුරු බොහොමයකට හේතු වී ඇත්තේ තාක්ෂණික ගැටලු, නොසැලකිලිමත් රිය ධාවනය හා රියැදුරන්ට නින්ද යෑම බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ඩබ්ලිව්. කන්ඩම්බි මහතා පවසයි.

ඒ අනුව අදාළ රිය අනතුරු හේතුවෙන් 2024 වර්ෂයේ පමණක් පුද්ගලයන් 19 දෙනකු මියගොස් ඇතැයි ද සඳහන් කරන මාර්ග සංවර්ධන අධිකාරිය, 2011 වර්ෂයේ සිට මේ දක්වා ගෙවුණු කාලයේදී අධිවේගී මාර්ගයන් හි සිදුව ඇති රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 122ක් මියගොස් ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here