නේපාල කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති අවසන් විස්සයි20 තරගය කඩුලු 10කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්විය.
කෙසේවෙතත් තරග තුනකින් සමත්විත නේපාල – බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට නේපාල කණ්ඩායම සමත්විය.
කොදෙව් කණ්ඩායමේ මෙම තරගාවලිය පරාජය සැලකෙන්නේ සිය ක්‍රිකට් ඉතිහාසයේ ICC අර්ධ සාමාජික රටක් හමුවේ විස්සයි20 තරගාවලියක් පරාජය වූ පළමු අවස්ථාව ලෙසය.
අද තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නේපාල කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 05ක් අවසායේ සියලුදෙනා දැවී රැස්ගත්තේ ලකුණු 122ක් පමණි.
එහිදී නේපාල කණ්ඩායම වෙනුවෙන් Kushal Bhurtel ලකුණු 39ක් රැස්කළේය.
පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය වෙනුවෙන් Ramon Simmonds කඩුලු 4ක් දවාගත්තේය.
ඒ අනුව මෙම තරගයේ නේපාල කණ්ඩායමෙන් හිමි වු ලකුණු 123ක ඉලක්කය තරගයේ 12(12.2) වන පන්දුවාරයේදී පසුකර යාමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
Saru FM Media