2025 මාස 09කදී කොටස් වෙළෙඳපොළ 36%කින් ඉහළට

0
2

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දිනයේ නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගය නැවත වරක් අලුත් කරමින් ඒකක 21,778.60ක් දක්වා ඉහළ ගියේය. 

මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 102.30ක ඉහළ යාමකි.

මේ අනුව 2025 වසරේ මුල් මාස 09 තුළ සියලු කොටස් මිල දර්ශකයට අනුව 36.59%ක වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වී ඇත.

අද දිනයේ දී S&P SL20 දර්ශකය ඒකක 7.32කින් ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 6,126.53ක් ලෙසින් සටහන් වුණි.

රු. බිලියන 6.27 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.

එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 6.01ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.65ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 284ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 646ක් ලෙසින් සටහන් වුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here