ගුවන් මගියෙකු නොවන පුද්ගලයෙකු , කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත්ින් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් 75 ක් මිළදී ගෙන , ඒවා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත “ ඔස්සේ පිට කර ගෙන යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (30) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු පුත්තලම , විලුක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර මොහු මෙම මත්පැන් බෝතල් තොගය ගමන් මලු 05 ක් තුළ අසුරා ගෙන , ගුවන් තොටුපොළ බැංකු පරිශ්‍රය ද පසු කර පිට වී යමින් සිටියදී ,අද අලුයම 02.40 ට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මෙම පුද්ගලයා අවසන් වරට ගුවන් ගමනක යෙදී ඇත්තේ 2024 වසරේ අගෝස්තු මස 17 වන දිනය.
මෙම පුද්ගලයාටද මෙසේ ගුවන් තොටුපොළ වෙත පිවිස , දැඩි ආරක්ෂක රැකවල් යටතේ පවතින රේගු පරිශ්‍රය පසු කර ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිසීම සදහා කිසියම් නිලධාරීන් පිරිසකගේ සහායක් ලැබෙන්නට ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සැක පළ කරති .
Saru FM Media